විදුහල්පති පණිවිඩය
කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලය
මධ්‍යම පළාතේ මහනුවර අධ්‍යාපනික කලාපයට අයත් දෙල්තොට ප්‍රදේශයේ පිහිටි මහා කරගස්කඩ මධ්‍යමහා විද්‍යාලය නව ජාතික පාසල් වැඩසටහනට අයත් ජාතික පාසලකි.1951 වර්ශයේ සිට විධිමත් පාසලක් ලෙස ස්ථානගත වූ මෙම පාසල ඉසුරු,නවෝධ්‍ය,ද්විතීක,ළගම පාසල හොදම පාසල,යන ව්‍යාපෘති යටතේ සංවර්ධනය වෙමින් නව ජාතික පාසල් ගනයට අයත් පාසලක් වශයෙන් සංවර්ධනය වෙමින් පවතී.දැනට පාසල සතුව මහින්දෝදය තාක්ෂණාගාරයක් යටතේ ගනිත,විද්‍යාගාරයත්,නැණස,භාෂාගාරයත් සමග එක් වූ දෙමහල් ගොඩනැගිල්ල තුල නව අධ්‍යාපන ප්‍රවේශයත් යටතේ ලමුන් තාක්ෂණය කරා පොළඹවමින් නවෝත්පාදන විද්‍යාගාරයත් සදහා අවශ්‍ය උපකරණ මෙවලම් සහිත නවෝත්පාදන විද්‍යාගාර ද පවත්වාගෙන යති. මේ යටතේ දරුවන්ටත් නව නිපැයුම් සදහා පෙළඹවීම් ඇති කරමින් ඒ සදහා යොමු කරන අවදියක අපේ දරුවන් එකතු වී පාසල වෙනුවෙන් වෙබ් අඩවියක් සකස් කොට පාසල් තොරතුරු ස්ථාන ගත කිරීමට කටයුතු කරමින් පාසලේ දියුණුව හා වත්මන් තත්වය,ඉතිහාසය සෑම් අයෙකුටම අවබෝධ කර ගැනීමට අවස්ථාව සලසා කටයුතු කිරීම මා සැබැවින්ම ආඩම්බරයට පත්වූ කරුනක්ය.මේ වෙබ් අඩවිය සකස් කොට කටයුතු කිරීමට මුල් වූ විද්‍යාලයයි.සිසුන් පිරිස ආචාර්යය මණ්ඩලයට මගේ හද පිරි ස්තූතිය පුද කරමි.
විදුහල්පති,
කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලය